Kung fu yoga

චාකි චැන් රගන 2017 අලුත්ම චිත්‍ර පටය සිංහල උපසිරස සමග​


මේ චිත්‍රපටය තිරගත කිරිම ආරම්භ කෙරුනේ  ජනවාරි විසි එක් වෙනිදා. imdb අගය 5.7කුත් තක්කාලි අගය 50%කුත් අරගෙන තියෙනවා. ප්‍රධාන චරිතය හැටියට ඉන්නේ ඔයාලා ආදරේ කරන චැකී ජෑන්. ඊට අමතරව ඉන්දියාවෙන් සෝනු සූද්, දීශා පටානී, රංගන දායකත්වයක් දෙනවා. මීට කලින් චෑන් ඉන්දියාවේ චිත්‍රපටයකට සම්බන්ධ උනාද කියලා මට නම් ඒ හැටි මතකයක් නැහැ. කතාවෙත් ඒහැටි අඩුපාඩුවක් මං දැක්කේත් නෑ. චෑන් මේ කතාවෙදී රටම පිළිගත්ත පුරාවිද්‍යාඥයෙක්. මහාචාර්යවරයෙක්. දවසක් මෙයා දේශණයක් කරකර ඉද්දී මෙයාව හම්බවෙන්න ඉන්දියාවේ රජයෙන් එවලා කියන අශ්මිතා කියලා පුරාවිද්‍යාව පිළිබඳ Phd එකක් තියෙන කියලා කියාගන්න නෝනා කෙනෙක් එනවා. නිකන්ම හම්බවෙන්න නෙවෙයි එන්නේ, අමුතු වැඩකට අතගහගන්න කියලා යෝජනාවකුත් අරගෙනයි එන්නේ. පේන විදිහට ඒක ඉන්දියාවේ මඝධ රාජ්‍යයට අයත් නැතිඋන නිධානයක්. මඝධ රාජ්‍යයක්? නිධානයක්? කොහොමද මෙතනට එකපාරට ගෑවුනේ කියලා ඔයාලට කතාව මුලදී දැනගන්න ලැබෙයි. ඒ නිධානය හොයාගන්න උදව් ඉල්ලගෙන තමයි මෙයා ඉන්දියාවේ ඉඳලම ඇවිල්ලා ඉන්නේ. මේ නිධානය ගැන ඇහැගහගෙන ඉන්න තවත් කට්ටිය නැතුවට නෙවෙයි. මුලු කතාව පුරාවට ඒ බලගතු කියන නිධානය ගැන තමයි තියෙන්නේ. චෑන්ගේ රසිකයෙක් නම්, සුපුරුදු පරිදි කුන්ග්ෆූ පාරවල්, වඳුරෝ වගේ උඩ පනින දේවල් බලාපොරොත්තු වෙනවනේ. තියෙනවා තියෙනවා. වෙනසකටත් එක්ක මේක බැලුවට පාඩු නැහැ. එහෙනම් මම නවතිනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.

Robin of Sherwood (1984) [S01 : E02


අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ] 2



දෙවැනි කොටසරොබින් අයියා  කට්ටිය එහෙම සෙට් කරගෙන වැඩේ කරගෙන යන්න තමයි හදන්නේ. ආ මේ කොටසෙන් තමයි නසියර්ව හම්බ වෙන්නේ. ඒ මේ කතාව පුරාම දිවෙන  සිද්දිය තමයි ඊතලය හොයා ගැනිම. එක පැහැර ගන්න මාලිගයටගිහිල්ලා වෙස්වලාගෙන, තරගයකට සහබාගිවෙලා තමයි ලබාගන්නේ අන්න ඒ වෙලාවේදි තමයි නසීයර්ව හමුවෙන්නේ. අවසානයේදි මන්තර වලටත් මුහුන දිලා මැරියන්වත් බේරගෙන ෂර්වුඩ් වලට එනවා. මේකෙන් කණ්ඩායමේ කිපදෙනෙක් මිය යනවා. ඉතින් රොබට් ගිස්බර්න් දාන ගැටවලට අද කොහොමද මේ සෙට් එක මුහුන දෙන්නේ කොහොමද කියලා බලන්න බාගෙනම බලන්නකෝ.



Robin of Sherwood (1984) [S01 : E01



අවිනීතියට එරෙහිව කෑලෑ නිතිය! [සිංහල උපසිරැසි සමඟ]



පළවෙනි කතාවෙන් තියෙන්නේ රොබින්හුඩි කණ්ඩායම සෙටි කරගන්න සිද්දිය. මේ ඔක්කොම සිද්දිය පටන් ගන්නේ මච් රොබින් දෙන්නා දඩයමේ ගිහින් හිරේට දානවා ගිස්බන්. මෙයාගේ සෙට් එකෙන් බාගයක්ක එහේ. මැරියන් හම්බ වෙන්නේත් මේ කොටසෙන් තමයි. ලිට්ල් ජොන් බන්දනයනට අහුවේලා, ඉන්නවෙලාවෙදි රොබින් බෙර ගන්නවා. ඔය විදිහට කණඩායමේ ටික දෙනෙක් මේ කොටසින් හම්බ වෙනවා. එ වගේම රොබින්හුඩ්ගේ අරමුණ දෛවය මේ ඔක්කම එයාට හර්න් මුල්ම වරට කියන්නේ මේ පලවෙනි කොටසෙන්ම තමයි. එහෙනම් කතාව බලමු


මායා


මායා සිංහල සම්පුර්ණ චිත්‍රපට